මුදල් අච්චු ගැසීම සහ ද්‍රව්‍යශීලතාවය යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ආණ්ඩුවට නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ පිළිබඳව අවබෝධයක් නැතුව වෙනත් කිසිවෙකුට හෝ මාධ්‍යයට චෝදනා කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
බත්තරමුල්ලේ සීලරතන හිමියන්ටද ද්‍රවශීලතාවය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති බවත් ඒ පිළිබඳව ආණ්ඩුවේ අමාත්‍යවරුන් තුන්දෙනාම නොදන්නා බවත් ඊට හේතුව පලපුරුද්ද නැතිකම බවද ඔහු කියා සිටී.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවරදී පැවැති ජන හමුවක් අමතමිනි.
උදය ආර් සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලා අස්විය යුතු බවත් අසත්‍ය පැවසූ පසු ඉල්ලා අස්වීම සම්ප්‍රදායක් බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුවේ ඇමතිවරුන් කොපමණ කෑගැහුවත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නොදන්නා බවද හෙතෙම එහිදී තවදුරටත් පැවසුවේය.