Local

කැනඩා පුරවැසිකම අරන් යළි මුලතිව් ආ අයෙක් ඩියෝනගර් වෙරළේ කොටසක් අයිති කරගෙන

Tuesday, 06 February 2024 - 7:44 am

වෙරළේ අක්කර 100ක් සෙසු ධීවරයන්ට තහනම් කරලාවාඩිවලට ඉඩ දෙන්නැයි ධීවරයන්ගෙන් මැසිවිලි

කැනඩාවට ගොස් එහි පුරවැසිභාවය ලබාගෙන යළි මුලතිව් ප්‍රදේශයට පැමිණ ඇති පුද්ගලයකු මුලතිව් සිලාවත්ත ඩියෝනගර් මුහුදු වෙරළේ කිලෝමීටර් දෙකහමාරක් දුර භූමි ප්‍රදේශයක් අත්පත් කර ගැනීම හේතුවෙන් මුලතිව් සෙසු ධීවරයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

මෙම පුද්ගලයා මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාවට බදු මුදල් ගෙවා මුහුදු වෙරළේ එම කොටස අත්පත් කර ගැනීම හේතුවෙන් අනෙක් ධීවරයන්ට ධීවර වාඩියක් හෝ ඉදිකර ගැනීමට ඔහුගෙන් අවසර නොලැබෙන බව මුලතිව් ධීවරයෝ ප්‍රකාශ කරති. මෙම භූමි ප්‍රමාණයට අක්කර 100ක් පමණ අයත් වන අතර, එහි කැනඩා ජාතිකයා විසින් යොදවනු ලැබ සිටින සේවක සේවිකාවන් 250ක් පමණ සේවය කරති. ඔවුන්ට හැර වෙනත් අයට එම භූමියට හෝ ඒ ආසන්න මුහුදට යෑම ඔහු විසින් තහනම් කොට ඇති බවද මුලතිව් ධීවරයෝ කියා සිටියහ.

මුලතිව් සිලාවත්ත ධීවර සංගම් බල ප්‍රදේශයට මෙම මුහුදු වෙරළ කොටස අයත් බව පවසන මුලතිව් ධීවරයෝ තම සංගමය 1990 වසරේදී ලියාපදිංචි කොට ඇති නමුත් තම සංගමයේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව කැනඩාවේ සිට පැමිණි පුද්ගලයාට මුහුදු වෙරළ කොටස බදු දී තිබීම නීති රීති උල්ලංගනය කිරීමක් බව ද පෙන්වා දී තිබේ. සාමාන්‍යයෙන් ඉඩම් බදු ක්‍රමයක් යටතේ මුදල් ගෙවා පුද්ගලයන්ට වෙන් කර ගත හැකි නමුත් මුහුදු වෙරළක කොටසක් එසේ වෙන් කර ගැනීමට නොහැකි බව පවසන මුලතිව් ධීවරයෝ මේ සම්බන්ධයෙන් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට එහි නිලධාරීන් නිහඬව සිටින බවද ඔවුහු කියා සිටියහ.

මුලතිව් ධීවරයෝ ඉල්ලා සිටින්නේ එම භුමි ප්‍රදේශයේ තමන්ටත් ධීවර වාඩි ඉදි කර ගැනීමටත්, බෝට්ටු නවතා තැබීමටත් ධීවර කටයුතුවල නිරත වීමටත් අවසර ලබා දෙන ලෙසයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT