Local

අපරාධකරුවන්ගෙන් රට ගලවා ගැනීමට දැඩි තීරණ ගන්න පසුබට වෙන්නෙ නෑ

Monday, 08 January 2024 - 9:32 am

කටුනායක ස්වයංක්‍රිය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය විවෘත කරමින් ඇමැති ටිරාන් අලස් කියයි

 

රටත් ජනතාවත් දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක්‌ ගැනීමට පසුබට වන්නේ නැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘යුක්තිය’ මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේ අභිලාෂයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව ස්වයංක්‍රියව මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය (Automated Facial Recognition System) ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (06) විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට මෙම අධිතාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නියමු ව්‍යාපෘතියක් ලෙස සීමිත සම්පත් භාවිත කරමින් මෙම ස්වයංක්‍රිය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අපරාධ වාර්තා කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධතියේ තොරතුරු පදනම් කර ගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දත්ත ඇතුළත් කර තිබේ.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

Òඅපේ රටින් අපරාධ තුරන් කිරීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වෙනුවෙන් පොලිසියේ සියලු නිලධාරින් දිවා රෑ නොබලා කැපවී කටයුතු කරනවා. ඒ හේතුවෙන් මේ වන විට ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එම නිලධාරින් දිරිමත් කිරීම සඳහා තාක්ෂණය වැඩි දියුණු කරමින් අවශ්‍ය පහසුකම් සැලසීම අපේ වගකීමක්. යම් අපරාධයක් සිදු වී පැය 24ත් -‌ 48ත්‌ අතර එම අපරාධකරුවන් හඳුනා ගැනීමට පොලිසිය සමත් වුවත් ඇතැම් විට එම කාලය තුළ ඔවුන් ගුවන්තොටුපොළ හරහා හෝ මුහුදු මාර්ග ඔස්සේ රටින් පලා යෑම සිදුවනවා. ගුවන්තොටුපොළ හරහා එලෙස පලා යෑම වැළැක්වීම සඳහා මීට මාස කිහිපයකට පෙර මෙම ඒකකය ආරම්භ කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාසය මඟින් මෙහි මූලික පියවර ගනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් තොරතුරු තාක්ෂණ අංශයත් එක්ව අද දින විවෘත කිරීමට හැකි තත්ත්වයට එය පත්කර තිබෙනවා.

කිසිදු අපරාධකරුවකුට රට තුළ සැඟවී සිටීමට ඉඩ ලබා නොදීමේ පදනම මත සිටිමින් අප මේ සියලු කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඇතැම් පුද්ගලයන් නිසා, නීති රීති නිසා කවර බාධාවන් ඊට ඇති වුවත් ඒවාට යටත් වන්නට අප සූදානම් නැහැ. ඒ වෙනුවෙන් මහජනතාව ද දායක කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ තුළින් ඉදිරි මාස හය තුළ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම අපේ අවසන් අරමුණයි.Ó

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය, බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහත්වරු, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ආයතනවල ප්‍රධානීන්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත


Top Stories
wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

wedivistara

කොට්ටාවේ වෙඩි තැබීමක්

wedivistara

හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්‍රතිඵල - නාමල්

wedivistara

මන්ත්‍රී අර්ච්චුනා​ව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාකිස්ථානය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Trending
wedivistara

පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන ආකාරය ගැන පැහැදිළි කිරීමක්

wedivistara

ඉන්දියාවේ පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ බහුකාර්ය වරාය විවෘත කෙරේ

wedivistara

TikTok සමාගමට යුරෝ මිලියන 530 ක දඩයක්

wedivistara

පාකිස්ථානය 08 වන දිනයටත් සටන් විරාමය උල්ලංඝණය කළ බවට ඉන්දියාවෙන් චෝදනා

wedivistara

නවක වද සිදුවීමක් සිදුව ඇත්නම්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න - සබරගමුව මහා ශිෂ්‍ය සංගමය

wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්


NEWS ALERT