Local

ගාසාහි ළමා අරමුදලට දැනට කෝටි 12.7ක්

Wednesday, 29 May 2024 - 7:16 am

- ආධාර භාර ගැනීම මැයි 31දා තෙක් -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයෙන් මාර්තු මස 4 වැනිදා ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් සහ විවිධ ආයතනවලින් මේ වන විට රුපියල් මිලියන 127ක (කෝටි 12.7ක) මුදලක් පරිත්‍යාග කර තිබේ.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමයින්ගේ දුක්ඛිත තත්ත්වය විශේෂයෙන් ජලය, ආහාර හා වෛද්‍ය පහසුකම්වල හිඟය නිසා ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති අනේකවිධ දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීමට මෙම අරමුදල පිහිටුවනු ලැබූ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබිණි.

ඒ අනුව ගාසා තීරයේ ළමයින්ගේ සහන කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් පසුගිය ඉෆ්තාර් උත්සවය සැමරීම සඳහා ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන මඟින් වෙන්කර තිබූ රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ඉකුත් අප්‍රේල් 01 වැනි දින එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය (UNRWA) හරහා පලස්තීන රජය වෙත භාර දෙනු ලැබීය. ගාසා තීරයේ විවිධ අපහසුතාවන්ට ලක්ව සිටින ළමයින්ගේ මූලික අවශ්‍යතා සඳහා වියදම් දැරීම පිණිස එම අරමුදල් ද ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට නියමිතය.

එසේම ශ්‍රී ලංකා රජය මඟින් ලබාදෙනු ලැබූ එම ප්‍රදානයට අමතරව ගාසාහි ළමා අරමුදලට දායක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාවගෙන් කරන ලද ඉල්ලීම අනුව ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් හා විවිධ ආයතන මේ සමඟ අත්වැල් බැඳගනු ලැබීය. මෙම අරමුදලට ආධාර සපයමින් මේ දක්වා ඒ සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කරන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පවසයි.

එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සලකා මෙම කාර්යය සඳහා මහජනතාවගේ සහ විවිධ සංවිධානවලින් මැයි 31 වැනිදා දක්වා ප්‍රදානයන් භාර ගැනීමට කටයුතු කරනු ලබන අතර ඒ අනුව ඉහත මුදලට අමතරව එදින දක්වා ලැබෙන මුදල් ද එක්කර සියලු පරිත්‍යාගයන් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT