Local

අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ග්‍රාමසේවක නිලධාරීන් 2002කට නව පත්වීම් – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත

Saturday, 16 March 2024 - 7:38 am

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රට ගොඩනඟන වැඩ පිළිවෙල ඔස්සේ තවත් වසර දෙකක් හෝ ඉදිරියට ගමන් කිරීමට හැකි වුවහොත් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

පසුගිය සමයේ පැවති අර්බුද අවසන් වෙමින් මේ වන විට ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සඳහා අප අමාත්‍යාංශය ද විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ආහාර සුරක්ෂිතතා, පෝෂණ කමිටු නිර්මාණය කිරීමට අප කටයුතු කළා. දරිද්‍රතා සහිත පවුල් ලක්ෂ විස්සක් සඳහා ඇස්වැසුම ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. විමධ්‍යගත අයවැය හරහා ග්‍රාමීය සංවර්ධනය යළි නඟාසිටුවන්න ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාමසේවා නිලධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය 13,14 යන දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකළා. (15) දිනයේ ද ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මේ හරහා බඳවා ගන්නා ග්‍රාම නිලධාරීන් එළැඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා.

එමෙන්ම ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව (14) දිනයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළා. එහිදී ඔවුන් විසින් ගමන් වියදම්, කාර්යාල දීමනා සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත් කළා. අප ඒ වෙනුවෙන් දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

තවද ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධාන ගැටලුවක්ව පවතින ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව නිර්මාණය කර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යොමු කරනවා. කොහොම නමුත් එම ගැටලුව සම්බන්ධයෙන් ද සුබවාදී ප්‍රතිඵලයක් නොබෝ දිනකින් බලාපොරොත්තු විය හැකියි.

ඒ වගේම පැවති ආර්ථික සහ වෙනත් අර්බුද හමුවේ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ සහ සමාජයේ පැවති බෙදීම නැවත එක් කිරීම අපගේ යුතුකමක් සහ වගකීමක්ව පැවතුණා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම විශ්වාසය ගොඩනැඟීම සිදුකළා. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ තවත් වසර දෙකක් හෝ ගමන් කිරීමට හැකි නම් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින්, විනාශකාරී ව්‍යාපෘති නවතාලමින් යහපත් රටක් නිර්මාණය කළ හැකි වනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT