Local

2024 මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කෙරේ

Wednesday, 07 February 2024 - 8:03 am

මෙම වසරේ   මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක  ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ,  (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු  මැතිවරණය සඳහා පමණක් මෙම මුදල් වෙන් කර ඇති බවද  අමාත්‍යවරයා පැවසීය.එසේම අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පරීක්ෂණ කොමිසන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත මැතිවරණය සඳහා වන සංශෝධන මෙම වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා බලාත්මක නොවන බවත් 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා එම නිර්දේශ බලාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ , 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන 10ක් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැළකිල්ලට ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම , පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ ,2025 වසර සඳහා වන අයවැය මගින් ලබා දීමට සිදුවන බවද අමාත්‍ය මණ්ඩලය නිරීක්ෂණය කරන ලදී.කෙසේ වුවද , 2025වර්ෂයේදී එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරිය) ප්‍රකාරව ස්ථාපිත කරන ලද සහ අංක 2354/06 දරණ 2023-10-16 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව අවශ්‍ය වන්නේ නම්,අදාළ මැතිවරණ නීති  සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බවද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින් ඉදිරිපත් කරන ලද එම කරුණු මත පදනම්ව අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සිය එකඟතාව ලබා දීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT