දූෂණ චෝදනා සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ට මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා ලබා නොදෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත්වන පුද්ගලයින් කිසිවෙකුට හෝ දූෂණ චෝදනා ඇත්නම් ඔවුන් ඉන් ඉවත් කරන බව පැවසීය.
මේ අතර එවැනි දූෂිත පුද්ගලයින්ට ඡන්දය ලබා නොදීමට ඡන්ද දායකයන්ට ද වගකීමක් ඇති බව එහිදී වැඩිදුරටත් පැවසීය.