Local

ෆොන්සේකා තමාට දුන් හැම අතම හපාකෑවා

Monday, 19 February 2024 - 9:09 am

පක්ෂයක සිටින විට කාට වුවද ගැටලු මතුවන බවත් ඒවා පක්ෂය තුළ දී කතා බහ කර විසඳාගත යුතු දේවල් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්,

“මටත් දැනගන්න ලැබුණා සරත් ෆොන්සේකා මහත්මයා සභාපති ධුරයෙන් ඉවත් කරන්න එපා කියලා නඩු දාන්න යනවා කියලා. මට කියන්න තියන්නෙ නඩු දානවා නම් අපිට දැනුම්දීමක් කරලා යන්න. එතකොට අපි කියන්නම් අයින් කරන්න වෙනවා නම් ඒකට හේතු මොනවද කියලා. මම දැක්කා වෙබ් සයිට් එකක දාලා තිබුණා එතුමා ජනාධිපතිතුමාව හම්බ වෙනවලු ඩයනා ගමගේ මහත්මියගෙ නිවසේදි. මොකද ඩයනා ගමගේගෙ මහත්තයා තමයි සරත් ෆොන්සේකා මහත්මයාගෙ හිටපු ලේකම්වරයා. සමගි ජන බලවේගය සමඟ ඉන්නවා නම් සමගි ජන බලවේගය සමඟ ඉන්න ඕනෙ. රනිල් මහත්මයා එක්ක ඉන්නවා නම් එතන්ට යන්න ඕනෙ. විශේෂයෙන්ම කියන්න ඕනෙ හමුදාපති කරපු කෙනත් එක්ක තරහ වුණා. කේක් කවපු කෙනත් එක්ක තරහ වුණා. ෆීල්ඩ් මාර්ෂල් කරපු කෙනත් එක්කත් තරහ වුණා. පැරදිලා ඉන්න අවස්ථාවක ඇමැතිකමක් දුන්න කෙනත් එක්කත් තරහ වුණා. පක්ෂයක ඉන්නකොට අපිට වුණත් ප්‍රශ්න තියනවා. ඒවා කතා බහ කරලා විසඳ ගන්න ඕනෙ එළියෙදි පුහු වීරයො වෙලා උසාවියෙ සරණ පතන්න යන්නෙ නැතුව” යැයි පැවැසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT