Local

රණවිරු සැමරුමට යන්නේ නෑ කියලා, විරෝධය හමුවේ යන්න තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු දෙයක් නෙවෙයි - දයාසිරි

Monday, 19 May 2025 - 6:52 pm

රටක ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා රාජ්‍ය ආරක්ෂාව රැකීම රටක ආණ්ඩුවක මූලික කාර්යභාරයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව, සෑම වසරකම මැයි 19 වන දින රණවිරුවන් සැමරීම රජය විසින් සිදුකළ බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සෑම ජාතියකට අයත් පිරිස් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මියගිය බවද, මෙම යුද්ධය සිංහල ජනතාව දෙමළ ජනතාවට එරෙහි කළ යුද්ධයක් නොව, මෙය උතුරේත් දකුණේත් සියලුම ජනතාව බේරා ගැනීමට කළ යුද්ධයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

රණවිරුවන් සමරන අවස්ථාවට නොයා සිටීමට තීරණය කර, සමාජ මාධ්‍යවලින් එයට විරෝධය දැක්වීම හමුවේ පසුව එයට යාමට තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු කටයුත්තක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකා‍ශ කර සිටියේ.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT