Local

බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට අදාළ තීන්දුව දින කිහිපයකින්

Monday, 02 September 2024 - 9:10 pm

දැනට ක්‍රියාත්මක වන බදු ස්ථර අතර පරතරය පුළුල් කිරීමටත්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමටත් යෝජනා කර ඇති අතර තව දින කිහිපයකින් එම යෝජනා ක්‍රියාත්මක කරන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා

අද (02) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ එම යෝජනා අයි.එම්.එෆ් එකට යොමු කර ඒ අයගේ යෝජනා දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දැනීමට දින කීපයක් ගතවනු ඇති බවයි

එමෙන්ම වෘත්තිය නිපුණ අය බද්දෙන් නිදහස් කරන්න සේවා දිරි දීමනාවක් ගෙවා අතුරු බදු හැකිතාක් දුරට අඩු කිරීමට සැලසුම් කරන බවයි එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ

මීට අමතරව ජනාධිපතිවරයා මේ වන විටත් වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා කමිටුවක් පත්කර, කමිටු උපදෙස් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා

කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිධූර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් නොවන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT