Local

සෞඛ්‍ය වෘත්ත්නීගේ අධ්‍යාපනයට AI වල බලපෑම ගැන දැනුවත් කෙරේ

Friday, 19 January 2024 - 7:27 pm

ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුව (Asia Pacific Medical Education Conference – APMEC)  මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.

ජනවාරි 15 වනදා ඇරඹුණු මෙම සමුළුව 21 වනදා දක්වා ක්‍රියාත්මක අතර, එහි තෙවන දිනය වන ඊයේ  (18)  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වල සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුවේ තේමාව වන්නේ, “සෞඛ්‍ය වෘත්ත්නීගේ අධ්‍යාපනයට කෘතිම බුද්ධියේ ඇති වැදගත්කම  – ප්‍රවණතා, ගැටළු, ප්‍රමුඛතා, උපාය මාර්ග (Artificial Intelligence in Health Professions Education –Trends, Issues, Priorities, Strategies) යන්නයි.  මෙම තේමාව සෞඛ්‍ය සේවා සැපයීම, අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා කෘතිම බුද්ධියේ (AI) වැඩෙන වැදගත්කම සහ බලපෑම පිළිබිඹු කරයි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ APMEC සමුළුවෙහි  2024 හි අරමුණ වන්නේ සෞඛ්‍ය වෘත්තීන් අධ්‍යාපනය සඳහා AI හි බලය උපයෝගී කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන්ගේ අත්දැකීම්, තීක්ෂ්ණ බුද්ධිය සහ හොඳම භාවිතයන් බෙදා ගැනීමට වෛද්‍ය අධ්‍යාපනඥයින්ට සහ පාර්ශවකරුවන්ට වේදිකාවක් සැපයීම බවයි.

මෙය ඉතාම වටින අවස්ථාවක් බවද, ජාත්‍යන්තරව ගත් කළ වෛද්‍ය අධ්‍යාපනයේ ආසියාවේ ඉතා පුළුල්ම සමුළුව ලෙස දැක්විය හැකි බවද පැවැසිය.  ආසන්න වශයෙන් 900 දෙනෙකු පමණ සහභාගී වන මෙම සම්මන්ත්‍රණය සඳහා රටවල් 37 කින් නියෝජිතයන් පැමිණෙන බවද සඳහන් කළේය.

සම්පත් දායකයින් වශයෙන් 100කට අධික වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින කතිකයින් මෙම සම්මන්ත්‍රණයේදී ඔවුන්ගේ පර්යේෂණ ඉදිරිපත් කරන බවද ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ආරම්භක වැදගත්ම දෙපාර්තමේන්තුවක් වන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දෙපාර්තමේන්තුව මේ සඳහා නායකත්වය දෙන බවද පැවසුවේය. මෙම සමුළුව විදේශ වෛද්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල සියලුම වෘත්තිකයන් නියෝජනය කරන බවද මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල දේශන, අදාල වෘත්තියවේදීන් දැනුවත්කිරීම සිදුවන බවද පැවසුවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT