Local

අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් ගැරූ කණ්ඩායමක් මාට්ටු

Tuesday, 05 March 2024 - 8:33 am

අන්තර්ජාලයේ ඇති Ò Grindr Ò නම් යෙදවුමක් යොදාගනිමින් සමලිංගික පුද්ගලයින් ඇසුරට ඇල්මක් දක්වන් පුද්ගලයින් කූට ආකාරයෙන් පොළඹවා ගනිමින් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන පුද්ගලයින් තිදෙනෙකු ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පැවැසීය.

මීට පෙර ද මේ ආකාරයෙන් පුද්ගලයින් රවටා කොල්ලකන කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සමඟ සමීපව ඇසුරු කර ඇති අතර පසුව දෙපිරිස අමනාප වී මෙම අපරාධකරුවන් තිදෙනා විසින් මෙම නවතම අන්තර්ජාල යෙදවුම මඟින් මේ ආකාරයෙන් පුද්ගලයින් කොල්ලකෑමට කටයුතු කර ඇති බවත් මෙය ඔවුන්ගේ පළමු කොල්ලකෑම බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

අන්තර්ජාලයේ ඇති මෙම යෙදවුම සමඟ එක්වන සමලිංගික පුද්ගලයින් සමඟ මෙම ජාවාරමේ නිරතවන කණ්ඩායමේ පුද්ගලයෙකු සැක නොසිතන ලෙස සුහදව කතබහකොට ලිංගිකව එක්වීමට ඇල්මක් දක්වන පුද්ගලයින් සොයිසාපුර මහල් නිවාසයක පෞද්ගලික නිවසකට රැගෙන ගොස් මෙම කොල්ලකෑම් සිදුකරන බව ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම අන්තර්ජාල යෙදවුම මඟින් කොල්ලකරුවන්ට හසුවූ වයස අවුරුදු 28ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් පෙබරවාරි 22 වන දින ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත්තේ මෙසේ මෙම කණ්ඩායමේ පුද්ගලයෙකු තමාව ඔවුන්ගේ සොයිසාපුර මහල් නිවාසයක පිහිටි නිවසකට ගෙන්වා ගැනීමෙන් පසුව එම යෙදවුම මඟින් කතාබහ කළ පුද්ගලයා සමඟ ලිංගිකව හැසිරීමට කටයුතු කරන බවයි.

පසුව මඳ වේලාවකින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ එහි ලිංගිකව හැසිරෙන ඔවුන්ට බැණ වැදී පහර දෙන ආකාරයට හැසිරී ඔවුන්ගේ සහෝදරයා බලහත්කාරයෙන් පොළඹවා ගෙන ඔහු සමඟ ලිංගිකව හැසිරෙන බව පවසා පැමිණිලිකරුට තර්ජනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

පසුව අදාළ සමරිසි පුද්ගලයාගේ නිරුවත් ජායාරූප ගෙන තර්ජනය කොට අන්තර්ජාලයට මුදාහරින බව පවසා එසේ නොකර සිටීමට නම් මුදල් දෙන ලෙස පවසා ඇත.

අනතුරුව පැමිණිලිකරුගේ ATM කාඩ්පත රැගෙන ගොස් සොයිසාපුර ප්‍රදේශයේම ATM යන්ත්‍රයකින් රුපියල් එක්ලක්ෂ තුන්දහසක (103,000/-) මුදලක් කොල්ලකා ඇති බව පොලිසිය කියයි.

මෙසේ අන්තර්ජාල යෙදවුමක් මඟින් පුද්ගලයින් රවටා මුදල් කොල්ලකන අපරාධකරුවන් තිදෙනා වයස අවුරුදු 17, 20 සහ 39 යන වයස් මට්ටම්වල සිටින බොරුපන සහ සොයිසාපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ගල්කිස්ස පොලිසිය පැවැසීය.

අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අංජන මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (71341) ගුණවර්ධන සහ පොලිස් කොස්තාපල්වරුන් වන (90026) ගමගේ, (25426) වීරසේකර, (101716) මදුසංක, (101354) පවිදාස් යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස පොලිසිය පැවැසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT