Local

අන්තරේ විරෝධතා පාගමන සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

Wednesday, 17 January 2024 - 3:43 pm

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබෙන විරෝධතා පා ගමනකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, මැදිරිගිරියේ ඉස්සරධම්ම හිමි, තිස්සපුර සිරි සුමේධ හිමි, අබ්දුල්ලා මොහොමඩ් රිෆාත්, මධුසංඛ චන්ද්‍රසිරි, මදුරංග ජයසිංහ, නිසල දමිත් සහ ශලින්ද මිෂාන් සමරසිංහ යන වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද දින කුරුඳුවත්ත විහාරමහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා පාගමනින් ගමන් කිරීමට අදහස් කර ඇති බැවින් හටගන්නා පීඩාකාරී තත්ත්වය මඟ හැරීම සඳහා මෙම අධිකරණ බල සීමාවට අයත් කුලරත්න මාවත (මරදාන පාර), ඔරාඹිපාෂා මාවත, සංඝරාජ මාවත, ඩීන්ස් පාර (පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත) ඩාලි පාර (ටී.බී ජයා මාවත) හා රෝහල් චතුරස්‍ර තුළ හා පිටත මාර්ගවල පදික වේදිකා විරෝධතා සඳහා භාවිත කළ නොහැකි බවටද අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT