Local

පළාත් පාලන ආයතන 178 ක ප්‍රධානීන් පත්කිරීමේ බලය පළාත් කොමසාරිස්වරුන්ට

Monday, 02 June 2025 - 8:55 am

කිසියම් පක්ෂයකට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීමේ බලය පළාත් කොමසාරිස්වරයා වෙත පැවරෙන බව මැතිවරණ ‍කොමිසම පවසනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලය හිමිකරගත් ආයතන 161ක් සඳහා ප්‍රධානීන් පත් කිරීම මේ වන විට සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 31 වනදා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබුණා.

එම පළාත් පාලන ආයතන 161 අද (02) සිට ඉදිරි දින කිහිපය තුළ රැස්වීමට නියමිත අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී 178ක බහුතර බලය කිසිදු පක්ෂයකට හිමි නොවීම හේතුවෙන් එම ආයතනවල ප්‍රධානීන් පත් කිරීමේ බලය පළාත් කොමසාරිස්වරුන් වෙත පැවරෙනවා.

පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උප සභාපතිවරුන් පත් කරන ආකාරය පිළිබඳව පුවත්පත් දැන්වීම් පළකර දැනුම් දීම පළමුව සිදුකළ යුතු අතර එම දැනුම් දීමෙන් දින 14කට පසුව අදාළ ආයතනවල සභිකයින් රැස්වී ඒවායේ ප්‍රධානීන් පත් කරගැනීම සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT