Local

සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු විසදීමට මැදිහත් වෙනවා

Friday, 24 November 2023 - 11:13 am

සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු විසදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනවත් කිරිම අරමුණු කරගනිමින් විශේෂ මාධ්‍ය හමුවක් (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියහ.

අමාත්‍යධූරයට පත්ව මාසයක් පමණ ගත අවස්ථාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබදව දැනුවත් කිරිම සදහා මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වීමට අදහස් කළ බවත්, පසුගිය මාසයක කාලය තුළ මෙරට බොහෝ සෙයින් කථිකාවට භාජනය වූ අංශ කිහිපයක් පිළිබදව අවධානය යොමු කළ බවද පැවැසිය. මෙරට වෛද්‍ය සැපයීම් සහ ඖෂධ පිළිබද කාරණය එහි ප්‍රධානතම කරුණක් බවත්, මෙරට ඇති වූ සුවිශේෂ තත්ත්වයන් සමග හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සිදු වූ නමුත් ඇති වූ ගැටළු සමහරක් සමග හදිසි මිලදී ගැනීම් මේ වනවිට සම්පූර්ණයෙන් නවතා තිබෙන බව ද පැවැසීය. වෛද්‍ය සැපයීම් පිළිබදව ප්‍රසම්පාදන කටයුතු වඩාත් යථාවත් කොට‌ විනිවිද සුළු භාවයෙන් සිදු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් ගතවන බැවින් ඒ පිළිබදව විශ්වාසය තබන ලෙස ද ඉල්ලා සිටින ලදි.

සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මාධ්‍ය හමුවේ දී සිදු කළ අදහස් දැක්වීම පහත පරිදි වේ.

“මේ පිළිබදව රජය මෙන්ම සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බහුපාර්ශ්විය ආයතන, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුලු ආයතන රැසක් අපට උදව් කිරීමට ඉදිරිපත්ව තිබෙනවා. වෛද්‍ය සැපයුම් අංශයට වගේම ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. එහි කටයුතු යථාවත් කිරීමට එතුමන් කටයුතු කරනු ලබනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තිබුන ප්‍රධාන ගැටළුවක් වන ඖෂධ නියාමන අධිකාරිය පමණක් නොව ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරය වැඩිදියුණු කිරිමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ගරු ජනාධිපතිතුමා අයවැය කථාවේ දී සදහන් කළා මුල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති බව. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය වැඩිදියුණු කිරිමට, ධාරිතාවය වැඩි කිරිමට, වඩාත් නිවැරදිව ඖෂධ පිළිබද පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුතලය සකස් කිරිමට කටයුතු කරන බව සදහන් කරනවා. එමෙන්ම පසුගිය කාලය තුල සෞඛ්‍ය සේවාවට සම්බන්ධ විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුනා. ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු මෙන්ම ආර්ථික ගැටළු ගණනාවක් තිබෙනවා. පවතින තත්ත්වයන් යටතේ හැකි අයුරින් ආර්ථීක ප්‍රතිලාභ ජනතාවට ලබාදිමට අයවැය මගින් කටයුතු කර තිබෙනවා වගේම සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටළු විසදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපි මැතිහත් වෙනවා. අපි සෑම දෙනාගෙන්ම බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සියළු දෙනා එකට එක්ව වැඩ කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමයි.”

මෙරට සෑම රජයක්ම නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම විටම සදහන් කරන කාරණයක් තමයි අඩු පිරිවැයකින් වැඩි ඵලදායිතාවයක් ලබාදෙන විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් මේ රටේ පවතින බව. එය ශක්තිමත් කිරිම සහ ඉහළට ගෙන යාම අපේ වගකීමක් වෙනවා. මාතෘ මරණ, ළදරු මරණ, එන්නත් වැඩපිළීවෙල ඇතුලු කාරණා රැසක ශ්‍රී ලංකාව ඉදිරියට ගොස් තිබෙනවා. හොද දර්ශක ලබාගෙන තිබෙනවා. අනාගතයේ දී මෙරට ට බලපාන ගැටළු රැසක් තිබෙනවා ඒ අතර බොනොවන රෝග, අනතුරු වළක්වා ගැනීම ප්‍රධාන කරුණක් වෙනවා. හදිසි අනතුරු නිසා වර්ෂයකට 12,000 ජිවිත රටට අහිමි වෙනවා. දිනකට ජිවිත 35 නැති වෙනවා. ඒ සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය ආයතන සමග කටයුතු කිරීමට විශේෂ අවධානය යොමු කර වැඩ කර ජනතාවගේ ජිවිත ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වෙනවා.”

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීම, ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරිම කෙරෙහි අවධානය යොමු කරමින් සියළු ජනතාවට එහි ප්‍රතිඵල ලබාදෙමින් තෘතියික සේවාවන් හි තිබෙන ගුණාත්මකභාවය ආරක්ෂා කරගෙන මහ රෝහල්, ශික්ෂණ රෝහල් ඇති රෝහල්වල කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරිමට අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“සෞඛ්‍ය ලේකම්ධූරය සදහා පාලිත මහීපාල මහතා පත්කිරීම විශේෂත්වයක්. මෙම තනතුරට පත්වීමට ප්‍රථම එතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පකිස්ථාන රජයේ නිත්‍ය නියෝජිත තනතුරේ කටයුතු කරනු ලැබුවා. බුද්ධි ගලණය පිළිබදව කථිකාවතක් ඇතිව තිබෙන අවස්ථාවක එතුමා මෙරට සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් විශාල චේතනයක්, පිළිගැනීමක් රැකියාවක් අතහැර පැමිණ තිබෙනවා. මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබෙන එතුමාගේ විශේෂඥ දැනුම සමග සෞඛ්‍ය සේවාවේ සියළු කණ්ඩායම් සමග මෙරට සෞඛ්‍ය සේවාවේ මතු උන්නතිය, ස්ථාවරභාවය හා ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළ හැකි වෙතැයි විශ්වාස කරනවා.”

නිලධාරින් වෙනස් කිරිම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නිලධාරින් හිතුමතේ වෙනස් කළ නොහැකි බවත්, ගොඩක් ආයතන දේශපාලනයෙන් ව්‍යුක්තව ඇති බවත්, දේශපාලන නියෝජිතයින්ට හෝ කැබිනට් මණ්ඩලයට නිලධාරීන් වෙනස් කළ නොහැකි බවයි. ඊට මාරුවීම් ලබාදීම් ඇතුළු යම් ක්‍රමවේදයන් වන බව ද පැවැසීය. ඒ සදහා යම් කාලයක් අවශ්‍ය බවත්, එකම ස්ථානයක විශාල කාලයක් රැදී සිටින නිලධාරින් ද වන බවත් වෙනත් ස්ථාන වලට ස්ථාන මාරුවෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් සිදු ඇති බව ද පැවැසීය. වැරදි කර තිබෙනවා නම් ආයතනය හරහා විනය පරික්ෂණ ක්‍රියාවලියක් හරහා අවශ්‍ය කටයුතු සිදු වන බව ද පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ, පසුගිය අවුරුදු 45 ක 50 ක කාලය තුළ සෞඛ්‍ය සදහා නරන ලද ආයෝජන තුල සෞඛ්‍ය සේවාව ඉහළ ගුණාත්මක තත්ත්වයකට පත්ව ඇති බවයි. රටවල් ගණනාවක සෞඛ්‍ය සේවාවන් පිළිබදව කටයුතු කර තමන් ලත් අත්දැකීම් මත එම රටවල සෞඛ්‍ය දර්ශක සමග ‌මෙරට සෞඛ්‍ය සේවාව සංසන්දය කිරීමේ දී මෙරට සෞඛ්‍ය සේවාව අග්නිදිග ආසියාවේ හොදම සෞඛ්‍ය දර්ශක තිබෙන රට ලෙස පෙන්වා දිය හැකි බව ද පැවැසිය. ආසියානු කළාපයේ ජපානයට පසු වැඩිම උපතේ දී අයුකාලයක් තිබෙන රට ලංකාව බවත්, වසර 30 කට පසු ලෝකයේ රටක් මැලේරියාව තුරන් කළා කියන පළමු රට සහ ලෝකයේ ප්‍රතිශක්තකරණය සියයට 99 ට වඩා තිබෙන රටක් තිබෙනවා නම් ඒ ශ්‍රි ලංකාව බව ද පැවැසිය.

“ළදරු මරණ අනුපාතිය උපත් 1000 කට 6 යි, මාතෘ මරණ අනුපාතිකය උපත් ලක්ෂයකට 28 යි. මෙම තත්ත්වය එක්සත් රජධානියේ බ්‍රිතාන්‍යයේ අගයට හා සාමානයි. නමුත් අපි වියදම් කරන මුදල් ප්‍රමාණය ඉතා අඩුයි. උපතේ දී ආයු කාලය කාන්තාවන් සදහා අවුරුදු 80 දක්වා වැඩි වී තිබෙනවා. සාමාන්‍ය අවුරැදු 76 ක් 77 ක්. අපේ සෞඛ්‍ය දර්ශක සෞඛ්‍ය පද්ධතිය හා ඒ හරහා ලබාදෙන සේවාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. යම් යම් ගැටළු තිබුනත් මෙම පද්ධතිය කඩාවැටීමකට ලක්ව නැහැ. සෞඛ්‍ය පද්ධතිය හොදින් ක්‍රියාත්මක වෙනවා. රෝග නිවාරණය අතින් රෝග කිහිපයක් තුරන් කර තිබෙනවා. මැලේරියාව 2016 වසරේ දී තුරන් කළා. එහි සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට ලබාදුන්නා. බරවා රෝගය තුරන් කිරීමේ අවස්ථාවට අපි ලගා වුණා. සරම්ප රෝගය තුරන් කළා. දැන් ජලභිතිකාව තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. තුරන් කළා සේම එම තත්ත්වය දිගින් දිගටම එලෙස තබා ගැනීම අත්‍යාවශයයි. ඊයේ රෝග නිවාරණ අංශය සම්බන්ධව සමාලෝචනයක් කළා. සියයට 99.5 ක් ප්‍රතිශක්තීකරණ ආවරණය දැනටත් තිබෙනවා. රෝග නිවාරණ සහ ප්‍රතිකාර අංශය ඉතා හොදින් ක්‍රියාත්මකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙත් ප්‍රධාන ඉළක්කයක් වන්නේ කොපමණ සෞඛ්‍ය සේවා ආවරණයක් ලබාදෙනවා ද යන්නයි. ඒ අනුව මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අංශ දෙක මත රටක නිරෝගිමත් ජනතාවක් බිහි වෙනවා. පසුගිය සතියේ හෙද පත්විම් 2500 ක් ලබාදුන්නා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 307 කට පත්වීම් ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව ජනතාවගෙන් 10,000 කට එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලබාදීමේ දර්ශකය ඒ අනුව අපි සපුරනවා. අනෙක් මානව සම්පත් අංශයේ පත්වීම් ලබාදීමටත් කටයුතු සුදානම් කොට තිබෙනවා.”

“පසුගිය කාලය ප්‍රතිසමාලෝචන කටයුතු සදහා වෙන් කළා. ඖෂධ මිලදී ගැනීම්, ඖෂධවල ගුණාත්මකභාවය වැනි කටයුතු පිළිබදව සතියකට වරක් ඊට සම්බන්ධ සියළුම ආයතන ගෙනවලා ගුණාත්මක ඖෂධ ලබාදීම පිළිබදව සමාලෝචනයක් කරනවා. වෘත්තීය සමිති සමග ගැටළුවකින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව පසුගිය මාසයක කාලය තුල විශාල ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා.”

රටක තිරසාර සංවර්ධන ඉළක්ක ලගාකර ගැනීම සදහා ප්‍රථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය ඉතාම අවශ්‍ය වන බවත්, ශ්‍රී ලංකාව 2030 වන විට එම ඉළක්ක ලගාකර ගත යුතු වන බවත් පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදු කරගෙන යන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන ආයතන 03 ම මේ සදහා උදව් උපකාර සිදු කරන බවත්, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ද්විතීයික සහ තෘතියික රෝහල් සමග බද්ධ කිරීම සදහා ටෙලි මෙඩිසින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් මෙරට තිබෙන ප්‍රාථමික සෞඛ්‍ය එ්කක 1100 ක් ලබන වසර වන විට මෙම ව්‍යාපෘතිය යටතට ගත හැකි වනු ඇති බව ද පැවැසීය.

වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය නැවත හිත එසවිය හැකි තත්ත්වයක් ඇති බැවින් මදුරුවන් බෝවන ස්ථාන පිළිබදව සියළු අංශ අවධානය යොමු කරන ලෙසත්, මේ වසරේ ඩෙංගු රෝගීන් 73847 ක් වාර්තා වී ඇති බවත්, මරණ 44 ක් වාර්තා වී ඇති බව ද පැවැසීය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ප්‍රදේශ 45 ක් අධිආරක්ෂිත කළාප ලෙස නම් කර ඇති බව ද, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපාරයක් ආරම්භ කරන බවත්, තමන් ප්‍රතිකාර කිරිම් සිදු නොකර වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙස ද කීය.

මේ පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා කියා සිටියේ ඩෙංගු රෝගීන් 73847 ක් වාර්තා වී ඇති බැවින් ප්‍රතිකාර අංශයේ ශක්තිමත්භාවය සහ ගුණාත්මකභාවය නිර්ණය කරන සාධකයන් වන බවත්, රෝගීන් 100 කට කොපමණ මරණ සිදුවනවාද යන්න එහිදී සොයාබලන බවත්, එය ලංකාවේ දශම 06 ක ඉතාමත්ම අඩු තත්ත්වයක පවතින බවත් පැවැසීය.

පසුගිය කාලය තුල ප්‍රශ්ණ ගත වූ ඖෂධ දෙක හා ඊට අදාල ආයතන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්ණ වලට පිළීතුරු ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ එම ඖෂධ දෙක ලබාදුන් සියළුම රෝගීන්ගේ විස්තර, වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙන ලෙස දැනුම් දී තිබෙන බවත්, ඒ පිළිබද කරුණු සොයා බලන බවත්, ඊට අදාල පරීක්ෂණ කටයුතු සිදු වන බව ද පැවැසිය.


Top Stories
wedivistara

රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනහමාරට වැඩියෙන් දිනනවා..

wedivistara

අයි.එම්.එෆ්. එරෙහි වැඩපිළිවෙළක් ඇත්තේ කුඩය ලකුණෙන් එන අපට විතරයි – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ

wedivistara

අත්‍යවශ්‍ය ඖෂධ 40ක් රෝහල්වල හිඟයි

wedivistara

මාලිමාවේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නෑ – සිංහල – දෙමළ – මුස්ලිම් – බර්ගර් – මැලේ අපි ඔක්කොම එකතුවෙලා ලස්සන රටක් හදමු – ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක

wedivistara

කාන්තා ව්‍යවසායිකාවන්ට දිලිත්ගෙන් සුබ පණිවුඩයක්

wedivistara

ගත්තු හැම ණය මුදලකටම වග කියන්න නාමල් සූදානමින්

Trending
wedivistara

තවමත් ලංකාව අර්බුදයේයි.. අමාරුවෙන් ලැබූ ජයග්‍රහණ රැකගැනීම වැදගත්… - IMF මාධ්‍ය හමුවක

wedivistara

සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

wedivistara

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

wedivistara

අමාත්‍යංශ ලේකම්වරුන් හා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් රැසක් ගෙදර යති..

wedivistara

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

wedivistara

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්


NEWS ALERT