Local

නාමයෝජනා සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති දේශපාලන පක්ෂ වෙත දැනුම්දීමක්

Wednesday, 16 April 2025 - 4:17 pm

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාර දෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම්, එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

ඒ අනුව අදාළ පක්ෂවල ලේකම්වරු හෝ බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධව දැනුවත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

උප්පැන්න සහතික සාම විනිසුරුවරුන් විසින් සහතික කරනු ලැබීම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛන යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇති වූ ගැටළු මත, විවිධ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වී තිබුණු අතර, මෙම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා.

ඒ අනුව එම පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය විසින් අදාළ කොට්ඨාසවල තේරීම් භාර නිලධාරීන්ට නැවත එම නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලෙස නියෝග කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT