Local

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදා හැරීමට නියෝග

Friday, 16 May 2025 - 10:24 am

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට නියෝග කළ අතර, ඔහුට විදේශ ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

2014 වසරේදී, කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා නුගේගොඩ - රත්තනපිටියේ සිට බෙල්ලන්විල දක්වා ක්‍රියාත්මක කරන ලද වේරැස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා උත්සවයක් පවත්වා ඇති බවත්, සැකකාර හිටපු සභාපතිවරයා විසින් එම විවෘත කිරීමේ උත්සවය මෙහෙයවීමේ කටයුතු පුද්ගලික ආයතනයකට භාරදී ඇති බවත්, එහිදී රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

අදාළ ආයතනයට වාසියක් සලසා දීමේ අරමුණින් සැකකරු මෙම කාර්යය සිදුකර ඇති බවත්, ඒ සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවත්, මේ හරහා රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් අල්ලස් කොමිසම සඳහන් කර තිබෙනවා.

මෙම පැමිණිල්ල ජූනි මස 24 වැනිදා නැවත කැඳවීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT