Local

ඉදිරි ජනපතිවරණයේදී ජනපති රනිල්ගේ ජාතික අපේක්ෂකත්වය ගාලු එජාප සමුළුවේදී ඒකමතිකව සම්මතයි

Monday, 15 January 2024 - 10:46 am

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයකු ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් පෙරේදා (13) පැවැති එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් විශේෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත විය.

ගාල්ල නගර සභාවේදී සම්මේලනය පැවැත්විණි.

පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව, සම්මේලනයට පැමිණි සිටි සියලු දෙනා අත ඔසවා සම්මත කළහ.

එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සංවිධාන කර ඇති දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළමුවැන්න ලෙස, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, අමාත්‍ය මනූෂ නානායක්කාර, හිටපු අමාත්‍ය පී.හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහත්වරුන්ද සම්මේලනය ඇමතූ අතර විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

පක්ෂයේ දිස්ත්‍රික් විශේෂ සම්මේලනයක් රත්නපුරේදී අද(15) පැවැත්වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT