Local

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිගේ සියළු වත්කම් අධිකරණයට පවරා ගැනීමට නියෝග

Wednesday, 26 March 2025 - 9:52 pm

කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී, අධිකරණය මග හරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කරනු ලැබුවා.
එම ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් කළ දැනුම් දීමට අනුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් 20 දෙනෙකු 2024 සැප්තැම්බර් මස 23 වනදා වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, එම කිරි ගවයින් 20 දෙනා රජයට අයත් සත්ත්ව ගොවිපලකට භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
නමුත්, අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවට අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබී තිබුණු බවයි සඳහන් වන්නේ.
එහිදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 11 වනදා නියෝග කළ නමුත්, ඔහු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැර ගොස් තිබුණා.
ඒ අනුව, වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාර ගැනීමට නියෝග කෙරුණු අතර, ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT