Local

මාලිමාව මාසයකින් අප‍්‍රසාදයට පත් වෙලා..

Thursday, 31 October 2024 - 2:49 pm

වසර පනහක් තිස්සේ පැවති රජයන් විවේචනය කල ජනතා විමුක්ති පෙරමුණ රටේ පාලන බලය ලබාගෙන ඇති බව එක්සත් ජාතික සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (30) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අවු 50 ක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ සෑම ආණ්ඩුවකට විවේචන එල්ල බවත්, තිස් වසරක් මෙරට පැවති යුද්ධය අවසන් කරමින් තිබියදි රජයට දෝෂාභියෝගයක් ගෙන එමින් රජය පාරාජය කිරිමට කටයුතු කල බවයි.

කොරොනා වසංගත සමයේ මෙරටට ගෙන්වු ඇන්ටිජන් කට්ටල පිලිබදව දැඩි විවේචනය කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ, රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු දස දහසකින් වැඩි කරන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරද්දි ඒක රු විසිදහසකින් වැඩි කරන්න කියපු ජනතා විමුක්ති පෙරමුණ අද බලයට ඇවිල්ලා රජයේ සේවකයින්ගේ වැටුප වැඩි නොකර ඉන්නවා.

විදුලි බිල, ඉන්ධ මිල විශාල අගයකින් අඩු කරනවා කිව්වට අඩු කලේ සොච්චම් මුදලක්, ජනතා විමුක්ති පෙරමුණ බලයට ඇවිල්ලා මාසයක් වැනි කෙටි කාලයක් තුල රටේ ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා.

ඒකට හොදම උදාහරණය තමයි ඇල්පිටිය ප්‍රාදේශිය සභා ජන්දය, එක්සත් ජාතික සන්ධානය මෙවර අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසිය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT