Local

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Friday, 07 February 2025 - 9:48 pm

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවූ හිටපු සුරාබදු කොමසාරිස් ඒම්.ජේ. ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 29 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (07) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

ඒ අනුව අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 29 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය රජය සමයේ පවතින නීතියට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බවත් එම අතුරු තහනම් නියෝග උල්ලංඝනය කරමින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී තිබෙන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT