Local

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනතක් ගෙන එනවා – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

Wednesday, 03 April 2024 - 7:33 am

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

එසේම මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අවස්ථාව හිමි වන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය,

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සඳහා 2024.03.04 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව 2024.03.07 දින එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කළා. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි. ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අදාල ප්‍රතිපාදන මෙම පනත තුළ අන්තර්ගත වී තිබෙනවා.

කාන්තාවන් සවිබලගැන්වීමේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය ද 2024.03.20 වනදා දින පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් සිදුකළා. ඒ සඳහා ජනාධිපති කාර්යාලය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන් රාශියක්ම සහභාගී වී සිටියා.

කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත පිළිබඳව ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළා. එහිදී සතියක් තුළ එම නිරීක්ෂණ පිළිබඳ සලකා බැලීමටත් ඉන් පසුව තවදුරටත් අවශ්‍ය සංශෝධන ඇත්නම් පනත් කෙටුම්පත නැවත ගැසට් කර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසඳය තීරණය කළා.

එමෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් නඩුවක් ගොනු කිරීමට ඇයගේ සමීප කෙනෙකුට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වීම ඇතුළු වැදගත් වගන්ති ගණනාවක් ඇතුළත් කළා. දැනට පවතින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සංශෝධනය කර, නව පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ගම්පහ, රත්නපුර, කොළඹ, මාතර, මඩකලපුව, අනුරාධපුර, මොනරාගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් හිංසනයට පත් කාන්තාවන් සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 11 ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබෙනවා. එය ගැසට් කිරීම සඳහා ඉදිරියේ දී රජයේ මුද්‍රණාලය වෙත යැවීමට කටයුතු කරනවා. තවද ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්‍රචණ්ඩත්වයෙහි වින්දිත කාන්තා රැකවරණ නිවාස කළමනාකරණ ජාතික මාර්ගෝපදේශය සඳහා ද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT