Local

විදෙස් සංචාරකයන්ට කොළොම්පුර චාරිකා ලංගම බස් සේවාවක්

Thursday, 18 January 2024 - 3:07 pm

කොළොම්පුර චාරිකා නමින් විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් බස් රථ සේවාවක් ඊයේ (17) ආරම්භ කරනු ලැබීය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පළමු බස් රථය සේවය සඳහා එක්කළ අවස්ථාව. මෙම අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත්

හේවාපතිරණ මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසර 66ක ඉතිහාසය තුළ ප්‍රථම වරට විදේශ සංචාරකයන් හා සංචාරයන් සඳහා ඇල්මක් දක්වන ශ්‍රී ලාංකිකයන් මුල් කරගෙන දිවයිනේ ඇති සංචාරක කලාප ආවරණය වන පරිදි විශේෂ සුඛෝපභෝගි බස් රථ සේවාවක් සැලසුම් කර ඇත.

ඒ සඳහා යොදා ගැනීමට නියමිත බස් රථ කිහිපයක් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මුල් අදියරේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක වළලු හතරක් හඳුන්වාදී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැඟෙන අතර මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියැදුරකු, කොන්දොස්තරවරයකු හා සේවා සපයන්නකු යොදා ගැනේ.

නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය බලාපොරොත්තු වේ.

ලංකාව තුළ බහු ආගමික, බහු වාර්ගික ජනතාව ජීවත්වන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වැදගත් ආගමික ස්ථාන කිහිපයකුත් මෙම සංචාරක වළලු අතරට එක්කර ඒවායේ ඇති ඓතිහාසික දේ ගැන සංචාරකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මෙම බස් රථ සේවාව විදේශ සංචාරකයන් ඉලක්ක කරගෙන ආරම්භ කරන්නක් බැවින් ඒ සඳහා ගමනාගමන මණ්ඩලය සතු විනීත, විනයගරුක රියැදුරන් හා කොන්දොස්තරවරුන් යොදා ගන්නා ලෙස ද පැවසීය.

මෙම අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT