Local

වෘත්තීය පුහුණු අධිකාරියට කටාර්වලින් ලැබුණු මිලියන 150 ප්‍රයෝජනයට අරන් නෑ – හිටපු ඇමැති දුමින්ද දිසානායක

Monday, 04 March 2024 - 8:08 am

වෘත්තීය පුහුණු අධිකාරියට කටාර් රාජ්‍යයෙන් ලැබී ඇති රුපියල් මිලියන 150ක ආධාර මුදලක් ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් ඉදිරි සතියේදී එම මුදල් නැවත හැරී යන බව හිටපු කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති දුමින්ද දිසානායක පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (02) හුංගම, බටඅත පැවති කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස මා කටයුතු කළ කාලයේදී කටාර් රාජ්‍යයෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කරන්න රුපියල් මිලියන 150ක ආධාරයක් ලැබී තිබුණා. වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයාගේ ලිපියක් අමාත්‍යාංශයට යැවීමට බැරි වීම නිසා දැනට මාස ගණනක් ගතවී ඇතත් ඉදිරි සතියේදී එම මුදල් නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ඇමැතිවරුන්ගේ ඇති අඩුපාඩුකම් නිසා නොවෙයි. සමහර සභාපතිවරුන්ගේ සහ සමහර නිලධාරීන්ගේ ඇති අඩුපාඩුකම් සහ අකාර්යක්ෂමතාව නිසයි. අද මම මෙය කියන්න හිතුවේ මේ ස්ථානයේත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් රාජ්‍ය නිලධාරීන් සහ සභාපතිවරුන් රාශියක් සිටින නිසා. ඇමැතිවරයාට හරියට ශක්තියක් ලැබුණොත් පමණයි ඇමැතිවරයාගේ සංකල්පය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වෙන්නේ. එසේ නොවන අවස්ථාවල තමයි දේශපාලකයන් හැම විටම ජනතාවගෙන් බැණුම් අහන්නේ.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT