Local

Online මූල්‍ය වංචා කළ චීන්නු පිරිසකුත් මීගමුවෙන් අල්ලයි.

Saturday, 29 June 2024 - 4:57 pm

චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බව ඔහු පවසයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (28) දිනය වන විට ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් භාරයේ තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT