Local

ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්.. එය කඩ කල නොහැකියි..

Wednesday, 25 September 2024 - 8:50 pm

ජනරජයේ මුල් පුරවැසියා වන විධායක ජනාධිපතිවරයා සඳහා ව්‍යවස්ථානුකූලව වෙන් වූ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්යය විශාකා සූරියබණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

නිත්‍යානුකූලව එය වෙනස් කරන තෙක් පවතින වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවද ඇය සඳහන් කරන්නීය.

ජනාධිපතිවරයාගේ ගමන් බිමන් යන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ විසින් බවත් එහිදී හෙලිකොප්රට, පරිවාර ගිලන් රථ ඇතුළු සියලු දේ අවස්ථානුකූලව තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින් බවත් ඇය සඳහන් කරන්නේය.

නමුත් ව්‍යවස්ථාව වෙනස් කර අදාළ සංශෝධන ඇතුලත් කළහොත් ඒවා වෙනස් කිරීමේ හැකියාවක් ඇති බවද ඇය පෙන්වා දෙන්නේය.

එසේ නැතිව එය වෙනස් කිරීම විධායකයේ ආරක්ෂාය භාර අංශ ප්‍රධානීන්ගේ වගකීමක් පැහැර හැරීමක් සේ සැලකෙනු ඇති බවද ඇය සඳහන් කලාය.

දෙරණ රූපවාහිනී නාලිකාව සමග වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT