Local

කැනඩා රැකියා පෙන්වා වංචාකළ කතට බැංකු නිලධාරින්, නීතීඥයිනුත් හසුවෙලා

Friday, 26 January 2024 - 8:57 pm

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 6ට අධික මුදලක් වංචාකල කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගියදා(24) අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ මාලු වෙළඳාමේ නිරතවන පුද්ගලයෙකු විසින් කැනඩාවේ රැකියාවක් ලබාගැනීම සඳහා වත්තල, කුඩා ඒදණ්ඩ පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට රුපියල් 6,210,000 ක මුදලක් ලබාදී ඇත. මෙම කාන්තාව විසින් වරින් වර කොටස් වශයෙන් මෙම මුදල් ලබාගෙන තිබේ. මුදල් ලබාදීමෙන් අනතුරුව රැකියාව ලබාදීමට නොහැකි බව මෙම කාන්තාව පැවසූ හෙයින් මුදල් ලබාදුන් පුද්ගලයා කාර්යාංශය වෙත පැමිණිලි කරන ලදී.

මෙම වංචාවට හසුවූ පුද්ගලයා විසින් ලබාදුන් තොරතුරු අනුව විමර්ශන නිළධාරීන් 37 හැවිරිදි අවිවාහක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට මැයට විරුද්ධව පැමිණිලි 16ක් කාර්යාංශය වෙත ලැබී තිබෙන අතර, එම පැමිණිලි අනුව ඇය විසින් වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 6ට අධික වේ. මෙම කාන්තාව විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මෙසේ මුදල් වංචාකර ඇති අතර, බැංකු නිළධාරීන්, නීතීඥයින් ඇතුළු උසස් වෘත්තීන්වල නියැලෙන පුද්ගලයින්ද මෙම වංචාවට හසුවී තිබීම විශේෂත්වයකි.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කැනඩා රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (25) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT