Local

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙනවා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි.

Friday, 05 April 2024 - 7:21 am

  • ප්‍රේල් 18 වනදා පැළ සිටුවීමේ දිනය ‘මුරුංගා දිනය’ ලෙස නම් කරයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පැවසීය.

එසේම සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී ඇති බවත් එය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ‘මුරුංගා දිනය’ ලෙස නම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. එසේම සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් එම දිනය ‘මුරුංගා දිනය’ ලෙස නම් කර තිබෙනවා. එදිනට අධිපෝෂණීය මෙන්ම ඉතා ඉහළ ඖෂධීය වටිනාමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැල කරන ලෙස අප සියළු ජනතාවට ආරාධනා කර සිටිනවා.

හිස තෙල් ගෑමේ චාරිත්‍රය සඳහා අවශ්‍ය තෙල් සහ නානු මෙන්ම පැළ සිටුවීමේ චාරිත්‍රය සඳහා මුරුංගා පැළ ලබා දීමටද අප අමාත්‍යාංශය අප කටයුතු කරනවා.

මීට අමතරව AyurEx 2024 ප්‍රදර්ශනය මැයි 03, 04 සහ 05 යන දිනයන්හිදී ‍බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. එහිදී පර්යේෂණ පත්‍රිකා එළි දැක්වීමේ සම්භාෂා වැඩසටහනද පැවැත්වීමට නියමිතයි.

ආයුර්වේද නිශ්පාදන, ආයුර්වේදාගාර නියාමනය කිරීමේ බලය හිමිවන රෙගුලාසි මාලාවක් අඩංගු ආයුර්වේද සංග්‍රහයට පසුගිය 01 වෙනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. මෙමඟින් රූපලාවන්‍යාගාර, දේශීය ඖෂධ ප්‍රවාහනය ආදිය නියාමනය කිරීමේ නීතිමය බලය හිමි වෙනවා. අප දන්නා පරිදි මේ වන විට ඩොලර් බිලියන 26කට වැඩි නිශ්පාදන වෙළෙඳපොලක් ශාක සාර නිශ්පාදනය සඳහා තිබෙනවා. ඒ අනුව මෙම ආයුර්වේද නිශ්පාදන අපනයනය තුළින් ඩොලර් බිලියන 03ක් පමණ ඉදිරි කාලපරිච්ඡේදය තුළ උපයා ගත හැකි බව අප විශ්වාස කරනවා.

එසේම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය යනු මෙරට සංචාරක කර්මාන්තය තුළ ප්‍රවර්ධනය කළ හැකි සුවිශේෂ ක්ෂේත්‍රයක්. දේශීය වෛද්‍ය ‍ක්‍රමයේ පවතින සම්බාහන ක්‍රමවේදයන් පිළිබඳ සංචාරකයින්ගේ විශේෂ කැමැත්තක් සහ උනන්දුවක් තිබෙනවා. මෙහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ රට පුරා ‘බොඩි මන්ත්‍ර’ නමින් සම්බාහන මධ්‍යස්ථාන ඇති කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. වෘත්තීයමය සුදුසුකම් සහිත පුහුණු සත්කාරක සේවයක් ලබාදීමේ අරමුණින් මෙරට සංචාරක කර්මාන්තය ආශ්‍රිත හෝටල් හා නිවාඩු නිකේතන සඳහා මෙන්ම විදේශ රටවලද මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. විධිමත් අධ්‍යාපනයක් ලබා දෙමින් NVQ 4 සුදුසුකම් සහිත තෙරපිවරුන් එහි සේවයේ යෙදවීමට අප කටයුතු කරනවා.

රට පුරා ස්ථාපිත කර තිබෙන ‘ස්පා’ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ‘ස්පා’ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් බලපත් නිකුත් නොකරන බව මෙහිදී කිව යුතුයි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සම්බාහන ආයතන විධිමත් ලෙස අප නියාමනය කරනවා.

මීට අමතරව යුක්තිය මෙහෙයුම හේතුවෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට මුහුණ පෑමට සිදු වී ඇති අපහසුතාවයන් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. මත්ද්‍රව්‍ය හිඟ වීම නිසා මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ ඇතැමුන් දේශීය වෛද්‍ය ක්‍රමයේ තිබෙව යම් යම් ඖෂධ මත්ද්‍රව්‍ය සඳහා විකල්ප ලෙස ලබා ගැනීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් බාධාවකින් තොරව දේශීය ඖෂධ නිශ්පාදනය කිරීම සඳහා අවකාශ සළසා දෙන ලෙස අප ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳාගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ ඒකකය මේ වන විට ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව පාරම්පරික වෛද්‍යවරුන්ගේ ගැටලු එම ඒකකය වෙත ඉදිරිපත් කිරීමට හැකි බවද මෙහිදී සඳහන් කළ යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT