Local

සේවා අපනයන බද්ද හේතුවෙන් තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් රට හැරයාමේ අවදානමක් තිබෙනවා - තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Thursday, 27 February 2025 - 7:43 pm

තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් (freelancer) ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත 15% ක බද්දක් පැනවීම හේතුවෙන් සේවා අපනයන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් මතුව තිබෙන බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසනවා.

ඒ අනුව මෙවැනි තීරණ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක්ද ඇති බවයි එහි සභාපති, ඉංජිනේරු කපිල පෙරේරා සඳහන් කරන්නේ.

පැවති රජයයන් විසින් වෘත්තීයවේදීන්ට විවිධ බදු පැනවීම හේතුවෙන් බොහෝ පිරිසක් රට හැරදා යාමට කටයුතු කළ බවත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට ද ලෝකයේ ඕනම තැනක සිට රැකියාව සිදුකළ හැකි නිසා ඔවුන්ද රට හැරදා යාමට හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

එසේම නිත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් තිබුණද, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් ඔවුන්ගේ මුදල් වෙනත් රටවල තැබීමටත්, ලංකාවට විදේශ විනිමය නොගෙනෙන තත්ත්වයටත් පත්විය හැකි බවයි තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT