Local

සාද දැමූ අයගේ මන්ත‍්‍රීකම් අහෝසියි…

Saturday, 02 November 2024 - 10:19 pm

ඡන්දදායකයන් දහස් ගණනින් තරු හෝටල්වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කෙරුණු අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පුරාම ඇති බවයි.

මේ ආකාරයට ඡන්දදායකයන්ට සංග්‍රහ දීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට සිය හෝටල් දීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවකට පසුගියදා ලිඛිතව දැනුම් දී ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයේ හෝටල් බව පැවසේ.

ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ජන්ද දායකයෙකුට තේ කෝප්පයක් දී මන්ත්‍රී ධුරය අහෝසි වූ අවස්ථාව ද සඳහන් වන බවත් නිරික්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම මෙලෙස සංග්‍රහ ලබාදී ඇති බව ප්‍රදේශයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මැතිවරණ නිලධාරීන් පිරිසක් පසුගිය දිනක එම හෝටලය වැටලූ අවස්ථාවේදී අපේක්ෂකයා පස්ස දොරෙන් පලා ගොස් තිබිණැයි වාර්තාවේ.

ඡන්දදායකයන්ට හෝටල්වල සංග්‍රහ පැවැත් වූ සහ මැතිවරණ නීති තැඩු අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් සකස් කරගෙන යන බව එම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වැඩිදුරටත් සඳහන් කරයි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT