සිසු අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හමුවේ ගිනි ගොඩක් බවට පත්වූ බංග්ලාදේශය, මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙක් සොයමින් සිටින බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළේය.
ඒ මහත්මිය මේ බව සඳහන් කළේ “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ඊයේ (09) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා පක්ෂ භේදයෙන් තොරව දිවයින පුරා ප්‍රධාන කාන්තා සංවිධානවල සහ ශාඛා සමිති සභාපතිවරියන් සහ නියෝජිතවරියෝ විශාල පිරිසක් එක්ව සිටියහ. ප්‍රකෘතිමත් වෙමින් පවතින මෙරට ආර්ථිකය ස්ථාවර කරමින් දියුණුව කරා ගෙන යාමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට තම පූර්ණ සහාය පළ කරන බවට මෙහිදී කාන්තා සංවිධාන නියෝජිතවරියෝ ජනපති හමුවේ සපථ වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරිය මෙසේද පැවසුවාය.
එවැනි ඉරණමක් අපේ රටට එදා උරුම නොවුණේ මේ මාතෘභූමියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙක් බිහි වූ නිසායි. එවකට සිටි ජනාධිපතිවරයා රටින් පිටව ගිය අවස්ථාවේ මේ මාතෘභූමියේ කිසිදු ලේ වැගිරීමක් සිදුවීමට ඉඩ නොතබා රාජ්‍යත්වය ස්ථාපිත කරමින් රට නැවත යථා තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. මාතෘභූමියේ නිවැරදි තීන්දු තීරණ ගන්නා කාන්තාවන් ලෙස පක්ෂ පාට පසෙකලා, එකම පවුලක් ලෙස ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී සිටිනවා.
බංග්ලාදේශ රාජ්‍ය නායිකාවගේ නිල නිවෙස මෙන්ම පාර්ලිමේන්තුව ද අරගලකරුවන් අත්පත් කර ගත්තා. එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් මේ වන විට ඝාතනය කර තිබෙනවා. ඒ අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් රූපවාහිනියෙන් නරඹන විට එදා අප රටේ සිදු වුණෙත් එවැනිම දෙයක් බව පැහැදිලි වෙනවා. බංග්ලාදේශ අරගලකරුවන් සංචාරක හෝටල්, රාජ්‍ය ආයතන ගිනිතබා විනාශ කළා. මුළු බංග්ලාදේශයම ගිනි ගොඩක් බවට පත් කරනු ලැබුවා. එවැනි තත්ත්වයක් තුළ අද බංග්ලාදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් සොයමින් සිටිනවා.
එදා අපට එවැනි තත්ත්වයක් උරුම නොවුණේ මේ මාතෘභූමියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙක් බිහි වූ නිසයි. ඒ වගේම රටේ හිටපු නායකයා රටින් පිටව ගිය වේලාවේ, මේ මාතෘභූමියේ කිසිදු ලේ වැගිරීමක් සිදුවීමට ඉඩ නොතබා රාජ්‍යත්වය ස්ථාපිත කරමින් රට නැවත යථා තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. මාතෘභූමියේ නිවැරදි තීන්දු තීරණ ගන්නා කාන්තාවන් ලෙස අද අප පක්ෂ පාට පැත්තකට දමා, එකම පවුලක් ලෙස එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී තිබෙනවා.