Local

මෙරට සෞඛ්‍යය අගයමින් සම්මාන ද්විත්වයක්

Wednesday, 09 October 2024 - 8:07 am

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබා තිබෙනවා.

සහශ්‍ර සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේදී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙලෙස සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇති බව සඳහන්.

මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය 77 වන සමුළුවේදී (Seventy Seventh Regional Committee Session of WHO South-East Asia) මෙම සම්මාන දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහී‌පාල මහතා වෙත පිරිනම තිබෙනවා.

මහජන සෞඛ්‍යය වේගවත් කිරීම සඳහා වන ප්‍රධාන ප්‍රමුඛතා සහ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ කලාපයේ සාමාජික රටවල නියෝජිතයින් මෙම සමුළුවට එක්වී ඇති බව සඳහන්.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT