Local

කොකේන් ගුළි 98ක් ගිල මෙරටට පැමිණි වෙනිසියුලානුවා දැලේ

Monday, 25 March 2024 - 8:04 am

රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 78ක් ගුළි 98ක් වශයෙන් සකස් කර ඒවා ගිල දමා පැමිණි වෙනිසියුලානු ජාතිකයකු කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් (23) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. මොහු 41 හැවිරිදි වියේ පසුවූ අයෙක් වන අතර මුලින්ම මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ගිල දමා බ්‍රසීලයෙන් ගමන් ආරම්භ කර ඩුබායි වෙත පැමිණ තිබේ. ඉන්පසුව ඔහු එතැන් සිට (23) උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

මෙම වෙනිසියුලානු ජාතිකයාගේ සිරුර පරිලෝකන යන්ත්‍රයක් (Scan Test) පරීක්ෂා කිරීමේදී ඔහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුළි තොගය දිස් වී තිබූ අතර පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී Òතමා ග්‍රෑම් 11 බැගින් අඩංගු කොකේන් මත්ද්‍රව්‍ය ගුළි 98ක් පමණ ගිල දමා පැමිණ සිටින බවÓ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. පසුව මෙම වෙනිසියුලානු ජාතිකයා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.

ඔවුන් මෙම පුද්ගලයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, එම රෝහලේ වෛද්‍යවරුන් මෙම වෙනිසියුලානු ජාතිකයාට විරේක බෙහෙත් ලබා දෙමින් කොකේන් මත්ද්‍රව්‍ය ගුළි තොගය පිටතට ගැනීමට ප්‍රයත්න දරමින් සිටිති.මේ වනවිට මෙම වෙනිසියුලානු ජාතිකයා විසින් ගිල දමා තිබූ ග්‍රෑම් 132 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය ගුළි 12ක් මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් පිටතට ගැනීමට සමත් වී සිටිති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT