Local

ජාතික සම්පත් සේ සලකා රාජ්‍ය බැංකු රැකගත යුතුයි

Monday, 19 February 2024 - 12:34 pm

ජාතික සම්පත් ලෙස සලකා රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය. ඔහු මේ බව පැවසුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේදී පසුගියදා (16) පැවති හමුවකදීය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ආයතනික ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර, ආයතන ප්‍රතිව්‍යූහගතකරණය, විකල්ප යෝජනා, ආයතන සුරැකීම හා පවත්වාගෙන යෑම පිළිබඳ කරුණු රැසක් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී ඉදිරිපත් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා:

“ජාතික සම්පතක් හැටියට මේ රාජ්‍ය බැංකු ආරක්ෂා කරන්න ඕනෑ කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ ගැන ගැටලුවක් නෑ. එහෙත් යම් යම් වෙනස්කම් කරන්නේ කොහොමද කියන දේ පිළිබඳ සාකච්ඡා කරන්න වෙනවා. නැත්නම් ඒකපාර්ශ්වීය තීරණ ගත්තා වෙනවා. දැන් ආර්ථික අර්බුදයෙන් අපි යම්තාක් දුරට ගොඩ ඇවිල්ලා තියෙන නිසා කේන්ද්‍රීය බැංකු අපි කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනෑ. ඒක කොහොමද කරගන්නේ කියලා මීට වඩා පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට දී තියෙන ණය තමයි බරපතළ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ. දේශපාලනඥයන්ට ණය දීම නිසා මේක බංකොලොත් වෙලා, මේක පෞද්ගලික ආයතනයකට විකුණා දාන එකයි තියෙන්නේ කියලා හදාගෙන එන්නේ ගොතන කතාවක්. එවැනි කතාවලට නොරැවටී මේ බැංකු තුන පිළිබඳව සුවිශේෂි ආකාරයෙන් මැදිහත්විය යුතුයි. වතු ගම්මාන ඇති කිරීම පිළිබඳ යම් ගැටලු ඇති වෙලා තියෙනවා. වතුවල ගම්මාන ඇති කිරීමට නිශ්චිත ප්‍රදේශ හඳුනාගැනීම තවමත් ඉවර නෑ.

“අඩි 3500කට වඩා උස ප්‍රදේශවල කිසිම විදිහකින් අලුතින් ගෙවල් හදන්නේ නෑ. ඒක ආණ්ඩුවේ තීරණයක්. එම ප්‍රදේශ ක්‍රමයෙන් වන සංරක්ෂණයට මුදා හරිනවා. දැනට අපි එකඟවී තිබෙන ජාත්‍යන්තර කාලගුණ විපර්යාස එකඟතාව අනුව අඩි තුන්දහසෙන් උඩ වතු තබා ගන්න පුළුවන් වෙන්නේ පදිංචිකරුවන් නොමැතිවයි. එවැනි උස් මට්ටමේ දැනට ඉදිකර තිබෙන නිවාස සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ කියලා මේ දිනවල සාකච්ඡා කරනවා. වතු නිවාස හිමි අය වතුවල ඉන්නේ 143,000යි. අනිත් අය වතුවල පදිංචි නෑ.”

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ තුෂාර දිසානායක, රාජ්‍ය සේවා එක්සත් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්.ඒ. පියදාස, පොදු ජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර මහත්වරු සහ වෘත්තීය සමිති සම්මේලන රැසක නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට එක් වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT