Local

ලාංකිකයින් දිනකට රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි

Tuesday, 24 September 2024 - 9:44 am

පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය.

මේ හේතුවෙන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් කඩිනමින් සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේය.

'සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි ලංකාව මේ වෙද්දි පත්වෙලා තියෙන්නේ. ඒත් එක්කම රටේ උද්ධමනය 2021ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් 106%කින් පමණ වැඩිවෙලා. අපේ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් 138%කින් පමණ වැඩිවෙලා. ඒ අනුව ඉතාම ඉහළ මිල තලයක තමා අපි ජීවත් වෙන්නේ. මේ පසුබිම තුළ පවතින ආර්ථික තත්ත්වය ගැන අපිට කිසි‍සේත් සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. බලයට පත්වූ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක සමහර විට ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් නැඟී සිටින්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT