Local

හොඳ සෞඛ්‍ය සේවයක් මේ රටේ සෑම දරුවකුටම ලැබිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Monday, 26 February 2024 - 9:48 am

දේශපාලනඥයින්ගේ දරුවන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ඔස්සේ ලබා ගන්නා සැලකිල්ල මේ රටේ සෑම දුවෙකුටම පුතෙකුටම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ගැනීමට හැකි පසුබිම සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එන්නත්කරණය සඳහා තම දියණිය පෞද්ගලික රෝහලකට රැගෙන ගිය අවස්ථාවේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය නිවුමෝනියා වළක්වා ගැනීම සඳහා ලබා දෙන රුපියල් 7800ක් පමණ මිලක් වන එන්නතක් දරුවාට ලබා දීමට කටයුතු කළ බවත් මිල අධික නිසා එම එන්නත රජයේ රෝහල්වලින් ලබා නොදීම නිසා මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ දරුවන්ට විශාල අසාධාරණයක් වන බවත් කීය.

කන්ද උඩරට සමගි වනිතා සමුළුව මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණයේ දී පෙරේදා (24) පැවැති අවස්ථාවේ ප්‍රේමදාස මේ බව පැවසුවේය.

ක්ෂුද්‍ර ණය මර උගුලෙන් බේරාගෙන මේ රටේ විරෝධාර කාන්තාව රටේ ආර්ථික වර්ධනයට ශක්තිය ලබා දෙන ව්‍යවසායකින් බවට පත් කරන බවත් මේ රටේ ලක්ෂ 16ක් වන කාන්තා මූලික පවුල් අද ප්‍රශ්න රැසක් මධ්‍යයේ අසහනයට පත්ව කිසිදු රැකවරණයක් නොමැති තත්ත්වයකට පත්ව සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ රටේ කාන්තාවන් දේශපාලන ඉත්තන් බවට පත් නොකර ගෙන කාන්තා මූලික ගෘහ ඒකකවලට සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බවත් බංකොලොත් රටක ආණ්ඩුවට ලබා දීමට නොහැකි වූ බොහෝ දේ සක්වල ඇතුළු වැඩසටහන් යටතේ විපක්ෂයේ සිට තමන්ට කිරීමට හැකි වූ බවත් ඒ මහතා කීය. පාසල් 109ක් සඳහා රුපියල් ලක්ෂ 1086ක් වැය කර ස්මාර්ට් පන්ති කාමර ලබා දුන් බවත් ඊට අමතරව රුපියල් ලක්ෂ 3892ක් වැය කර පාසල් 80කට බස් රථ ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT