Local

ගංවතුර බැස යාමත් සමඟ රෝග පැතිරීමේ අවදානමක්

Wednesday, 16 October 2024 - 1:07 pm

ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවය.

'ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්, එම ආහාර උණුවෙන් සකස් කර ගන්නා ලද ආහාර පමණක් ලබාගැනීමටත් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ ලබාගන්නා ජලය උණුකර නිවාගත් ජලය හෝ පාලනය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ මේ දිනවලදී ඔබගේ ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක් නැත්නම් සීරිමක් වගේ සමේ යම් හානිවීමක් සිදුව ඇත්නම් ඔබ ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැලඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකියි. ඒ නිසා ඔබ මී උණ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමු වන්න.'

මේ අතර පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 40,758කට අයත් පුද්ගලයින් 159,511 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 3ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ආරක්ෂිත ස්ථාන 80ක පවුල් 2,433කට අයත් පුද්ගලයින් 10,361 දෙනෙකු රැඳී සිටින බවය.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල වසා තැබුණු පාසල් අද යළි විවෘත කිරීමට නියමිතව තිබේ.

අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අදාළ පාසල් වසා තැබීමට බලධාරීන් පියවර ගත්තේය.

කෙසේවෙතත් මේ වන විට ගංවතුර තත්ත්වයන් ක්‍රමයෙන් පහවයාමත් සමග අදාළ පාසල් යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

එමෙන්ම අවතැන්වූවන්ගේ කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ඇති බව වාර්තා වේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT