Local

පිලිප් ගුණවර්ධන 52 වන ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Monday, 01 April 2024 - 4:00 pm

මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (31) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක හිමිපාණන්වහන්සේ ගුණ සැමරුම් උත්සවයේ මුලසුන හෙඹවූහ.

මෙහි ප්‍රධාන දේශනය “පරිසරය සහ සංවර්ධනය” මැයෙන් පරිසර පද්ධති විද්‍යාඥ මහාචාර්ය රනිල් සේනානායක විසින් සිදු කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ හිටපු කථානායක කරු ජයසූරියද, තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, විද්වතුන් රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ පිලිප් ගුණවර්ධන පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT