Local

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිිරිලා.. තරුණ කියලා සීයලා පුරෝලා..

Tuesday, 15 October 2024 - 8:47 pm

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සියලු පරීක්ෂණ කතෝලික සභාව පිළිනොගන්නා බැවින් පිළිගත හැකි යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා කතෝලික ජනාතවට සාධාරණය ඉටු කරන්නැයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් එදා සිට මෙයට සාධාරණය ඉටු කරන ලෙස මා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඩ නෑගු බැවින් මෙම අවස්ථාවේ ඉතා ඔනෑකමික් එය ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව, වැල්ලවීදිය පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

” විපක්ෂයේ සිට විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීම තමා අපේ අරමුණ. මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය ලබා දීම තමා සිදු කරන්න ඕනේ. නමුත් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. අද ජනතාවට කියපු දේවල් නෙමේ මේ අය කරන්නේ. වෙනසක් කරයි කියලා ජනතාව, තරුණ තරුණියන් විශ්වාස කළා. ජාතික ජන බලවේගය වේදිකාවේ හිටපු අයට තනතුරු දෙන්නේ. දක්ෂයින්ට, සුදුස්සන්ට නෙමේ. තරුණ තරුණියෝ බලාපොරොත්තු වුන වෙනස වෙලා නැහැ. තරුණ තරුණියන්ට තැනක් දෙනවා කිව්වට නාමයෝජනා තුළ එම නියෝජනයක් නැහැ. වයසක අය ඉන්නේ. අනුර කුමාර මහතා බලයට ගෙන ඒමෙන් බලාපොරොත්තු වුනේ වෙනසක්. ඒ දේ වෙලා නැහැ.

පසුගිය කාලසීමාවේ මැතිවරණ වේදීකාව තුළ පවුල්වාදය පිළිබඳ කතා කළා. විපක්ෂයේ කිසිම ලැයිස්තුවක එකම පවුලේ දෙන්නා තුන්දෙනා ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි ජාතික ජාතික ජන බලවේගය තුල තාත්තලා, පුතලා, අම්මලා, දුවලා ඉදිරිපත් වෙනවා. විශාල බලාපොරොත්තුවක් තියාගෙන තරුණ තරුණියන් ජාතික ජන බලවේගයට ජන්දය දුන්නට එහෙම වෙනසක් වෙලා නැහැ.

ජනාධිපති අනුර කුමාර නිසා පාර්ලිමේන්තුවේ බලයත් ඒ අයට දෙන්න. හැබැයි තුනෙන් දෙකක් දෙන්න යන්න එපා. තුනෙන් දෙකක් දුන්න හැමදාම රට විනාශයක් කරා ගියේ. ශක්තිමත් විපක්ෂයක් හදන්න.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතු කියන මතයේ එදා ඉදන් හිටියා. පාස්කු ප්‍රහාරය සිදුවුනේ යහ පලාන ආණ්ඩුව කාලයේ. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් වුනේ නැහැ කියන එක ගැන යහ පාලන ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. ගෝඨාභය රාජපක්ෂ පාලනයටත් විධිමත් පරීක්ෂණයක් වුනේ නැහැ කියලා චෝදනාවක් එල්ල වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවටත් එම චෝදනාව එල්ල වුනා. ඒ නිසා කතෝලික ජනතාව විශාල වශයෙන් ජාතික ජන බලවේගයට ජන්දය ලබා දීලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහතා ගැන කතෝලික ජනතාව, කතෝලික සභාව විශාල විශ්වාසයක් තියලා තියෙනවා. අනුර කුමාර මහාතාට විශාල වගකීමක් තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවගේ සැක සංකා දුරු කරන්න.

කතෝලික ජනතාව අනුර කුමාර මහතාට ජන්දය දීලා බලාපොරොත්තු වෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් හා ඒ සම්බන්ධයෙන් සැක සංකා දුරු කරයි කියලා. වින්දිතයින්ට සාධාරණයක් කරයි කියලා. උදය ගමිමන්පිල මහතා අභියෝගයක් කරලා තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එලියට දාන්න කියලා. පසුගිය ආණ්ඩු මේවා එලියට දැම්මේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඒ චෝදනා අනුර කුමාර මහතාගේ පැත්තට එල්ල කර ගන්නෙ නැතිව එම වාර්තා එළියට දමන ලෙසත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාති, සාධාරණ, විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

සියලුම අණ්ඩු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. ඒ සම්බන්ධයෙන් කතෝලික සභාව සතුටු නැහැ. සෑහිමකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමා කතෝලික ජනතාව මෙවර මැතිවරණයේදී සියලුම නායකත්වයන් පරාජයට පත් කරලා අලුත් නායකත්වයක් ගේන්න කටයුතු කලේ. කතෝලික ජනතාව, කතෝලික සභාව බලාපොරොත්තු වෙන්නේ අනුර කුමාර දිසානායක මහතාගෙන් සාධාරණත්වය හා යුක්තිය යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT