Local

කුවෙට්හිදී අත්අඩංගුවට ගත් කලාකරුවන් ඇතුළු 24 දෙනා නිදහස් කෙරේ

Sunday, 04 August 2024 - 10:47 am

කුවෙට්හි දී පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු පසුගිය 2 වනදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණි.

'එතෙර අපි' නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.

ඒ අනුව ගායක ගායිකාවන්ට අමතරව එම ප්‍රසංගයට පැමිණි සංගීත කණ්ඩායම සහ එය සංවිධානය කළ පිරිස මෙන්ම සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
 
කෙසේවෙතත් කුවෙට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඊයේ රාත්‍රී මෙම පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කරගෙන ඇති අතර සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙකු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. 


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT