Local

හල්ලොලුවගේ සිද්ධියට සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්

Friday, 06 June 2025 - 9:43 pm

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙකු අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් පාරිස් නැමති සැකකරු විසින් මෙම ප්‍රකාශය ලබා දී ඇති බව වාර්තාවේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරන අතර සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගැනීම සඳහා අධිකරණය වෙතින් නියෝග ලබාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා විසින් ඉකුත්දා නියෝග කළ අතර ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT