Local

දිවි නසාගත් පේරාදෙණියේ කථිකාචාර්යවරයා බිව් වස වර්ග ගැන වෛද්‍යවරුන්ට කියලා

Wednesday, 24 January 2024 - 8:15 am

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනනාත් පීරිස් මහතා මිය යෑමට ප්‍රථම තමන් ඖෂධ අධිමාත්‍රාවක් සමඟ කෘමිනාශක වර්ගයක් පානය කළ බව ප්‍රකාශ කර ඇතැයි පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

ආචාර්යවරයා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බිරිඳගේ දැනුම් දීම මත මහාචාර්යවරු තිදෙනෙකු සහ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් නේවාසිකාගාරය වෙත පැමිණ ඇත. විශ්වවිද්‍යාල ගිලන් රථය එහි පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් ආරක්ෂක අංශයට අයත් වාහනයෙන්ම ආචාර්යවරයා රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

රෝහල්ගත කරන අවස්ථාවේදීත් හොඳ සිහිකල්පනාවකින් පසුව තිබෙන ආචාර්යවරයා තමන් පානය කළ ඖෂධ පිළිබඳව ද ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (22) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්. පී. කුලතුංග මහත්මිය විසින් සිදු කරන ලදි. ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබෙන අතර මළ සිරුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය මරණ පරීක්ෂක වෙත වාර්තා කර තිබේ. ඒ අනුව අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා මරණ පරීක්ෂණය කල් තැබීමට පියවර ගෙන තිබේ.

සිද්ධියට අදාළව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු තිදෙනෙකුගෙන් සහ මියගිය ආචාර්යවරයාගේ බිරියගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අවසන් කටයුතු සිදු කිරීම සඳහා මළ සිරුර බිරිය වෙත භාර දී ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT