ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිලන් රථයක් සහ Compressor Nebulizer යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ (01) එම විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පත්මලාල් මානගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සහ හිටපු උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්වරු ඇතුළු පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩල මහත්ම මහත්මීන්, විශ්වවිද්‍යාල සිසුන්, අනධ්‍යයන සේවක මහතුන්, ආදි විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.