Local

නව අමාත්‍යාංශ ලේකම්වරුන් 10 ක් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් 2 කට පත්වීම්

Friday, 22 December 2023 - 8:37 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු අළුතෙන් පත්කර තිබෙනවා.
අද (22) උදෑසන එම පත්කිරීම් සිදුකර ඇති අතර, අදාළ පත්වීම් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල පත්කර තිබෙනවා.
එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, රථවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඉංජිනේරු රංජිත් රූබසිංහ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ධර්ම ශ්‍රී කුමාරතුංග ද පත්කර තිබෙනවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර හා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT