Local

රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති බස් රථවලට හඳුන්වා දෙනවා - බිමල් රත්නායක

Friday, 16 May 2025 - 9:55 am

රියදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වාදීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව බස් රථ බලපත්‍රය සමඟ මෙම AI තාක්ෂණික පද්ධතිය තිබීම අනිවාර්ය කරන බවත්, එම පද්ධති ඇති බස් රථවලට පමණක් මාර්ග ධාවනයට අවසර ලබාදෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම තාක්ෂණික ක්‍රමවේදය බර වාහන සහ දුම්රිය සේවය සඳහා ද හඳුන්වාදිමට කටයුතු කරන බවද, එසේම දුර සේවා රියදුරන්ට විවේක ගැනීමට ඇති ස්ථාන නවීකරණය කර සකස් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දුර ගමන් ගමන ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර සම්පූර්ණ පරීක්ෂාවකට භාජනය කිරීමෙන් පසු, බස් රථ ER1 සහතිකය ලබාගත යුතු බවට යෝජනා කර ඇති අතර, ලංගම යටතේ ඇති සියලුම බස් ඩිපෝවල, සියලුම දුර ගමන් බස් රථ පරීක්ෂා කිරීම ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT