Local

අයවැය සම්මන්ත්‍රණය (SMART BUDGET) අරලියගහ මන්දිරයේදී

Saturday, 23 December 2023 - 8:01 pm

ජනාධිපති කාර්යාලයේ වෘත්තීය සමිති සබඳතා අංශය මගින් සංවිධානය කරන 2024 අයවැය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ 06 වන සම්මන්ත්‍රණය අද දින (21) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණය සදහා දේශකයන් වශයෙන් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සී. සේනානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ජී.කේ. එදිරිසිංහ, ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායිකරණ ඒකකයේ අධ්‍යක්ෂ, කේ.කේ.අයි. එරන්ද යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.
දේශපාලන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වු අතර එහි දී ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස “සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව යටතේ ඉදිරිපත් කල “2024 අයවැය” මගින් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් වැඩි කිරීම, අඩු ආදායම්ලාභි ජනතාවට නිවාස, ඉඩම් අයිතිය, අස්වැසුම ලබාදීම ඇතුළු සාධනීය යෝජනා ගනනාවක් සම්බන්ධියෙන් දීර්ඝව කරුණු සාකච්ඡා විය.
මෙදින පැවති සම්මන්ත්‍රණය ජනාධිපති කාර්යාලීය වෘත්තීය සමිති සබඳතා අංශය මගින් සංවිධානය කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT