Local

මෙරට ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ජපානය සැරසෙයි

Friday, 28 June 2024 - 3:20 pm

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පවසයි.

අද (28) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට ද්විපාර්ශ්වික ණයහිමියන් සමග අත්සන් තැබීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානය අඛණ්ඩ සහාය ලබාදෙන බවද තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි, 
 
'එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවට ණය අර්බුදය විසදීමට සහාය වීම සඳහා ජපානය උපරිම අන්දමින් කටයුතු කරනවා. අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබූ වහාම මෙරට ජපාන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා මුදල් යෙදවීම වේගවත් කිරීමට අප උත්සාහ කරනවා. මූල්‍ය අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට අබණ්ඩව සහාය වනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT