Local

සේරුගොල්ල අමුණේ දිය නෑමට ගිය සිසුවා මරුට

Saturday, 27 January 2024 - 9:21 am

මාතලේ රත්තොට බණ්ඩරපොළ සේරුගොල්ල අමුණේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී මරණයට පත්ව ඇත. මරණයට පත්වූ සිසුවාගේ වයස 16කි.
මෙසේ දියේ ගිලී මරණයට පත්ව ඇත්තේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මාතලේ කවුඩුපැලැල්ල ගල්වඩුකුඹුර ප්‍රදේශයේ පදිංචි ටිනුර ලක්ෂිත බණ්ඩාරනායක නමැති පාසල් සිසුවා බව පොලිසිය කියයි.
මරණයට පත් වූ පාසල් සිසුවා සමඟ තවත් මිතුරකු බන්ඩරපොළ සේරුගොල්ල අමුණේ දිය නෑමට ගොස් ඇති අතර මොවුන් දෙදෙනා දිය නෑමට පෙර බියර් පානය කර ඇති බව ද පැවැසේ. අනතුරුව සේරුගොල්ල අමුණට බැස දිය නා ගොඩට පැමිණීමට සූදානම් වන අවස්ථාවේදී පය ලිස්සා යාමෙන් පොකුණක් සහිත ප්‍රදේශයට ඇද වැටුණු බව ඔහු සමඟ ගිය අනෙක් තරුණයා පොලිසියට පවසා ඇත.
මෙම සිද්ධියෙන් මියගිය සිසුවාගේ පියා කන්කසන්තුරේ පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු කන්දෙනුවර පොලිසිය විසින් සිදු කරනු ලබයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT