Local

ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිහඬ කාලයේ නොකළ යුතු දේ

Thursday, 19 September 2024 - 9:32 am

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය 'නිහඬ කාලය' ලෙස ප්‍රකාශ කර තිබේ.

2024 ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි. 

නාමයෝජනා භාරදුන් දින සිටම අපේක්ෂකයින් සිය ප්‍රධාන ජනරැලි ඇතුළු ප්‍රචාරක කටයුතු ආරම්භ කළ අතර ඒවා දැඩි උද්යෝගී මුහුණුවරක් ගත්තේය.

ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වෙයි.

එම අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය. 

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා වන නිහඬ කාලය අතරතුර කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට එරෙමිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 මෙන්ම 22දාත් දිවයින පුරා සියලු මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පැවසුවේය.

මේ අතර සැප්තැම්බර් 20 වනදා දිවයිනේ සියලු පාසල් වසා තැබෙන බවත් යළි සැප්තැම්බර් 23 වැනි සඳුදා සුපුරුදු පරිදි පාසල් ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

තවද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් සැප්තැම්බර් 19 වනදා, පාසල් වේලාවෙන් පසු අවශ්‍යතාව පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දිය යුතු බවත් එම අමාත්‍යංශය දැනුම් දී තිබුණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT