Local

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති ඕස්ට්‍රේලියාවට

Saturday, 10 February 2024 - 9:04 am

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව පෙබරවාරි 9 සහ 10 දෙදින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වේ.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දීය සාගර සමුළුව 2016 වසරේදී ඇරඹිණි.

“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය.

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් රටවල් 40ක ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග සිතියමක් සකස් කිරීම ද මෙවර සමුළුවේදී සිදු කෙරේ.

සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරෙන ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටින අතර “අපේ නීල අනාගතය: හවුල් සාගර සම්පත්වල පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපය දූපත් රාජ්‍යයන් සමඟ කටයුතු කරන්නේ කෙසේද” යන්න පිළිබඳ අවධානය යොමු කෙරෙන සම්මන්ත්‍රණයක් ඔහු විසින් ඇමතීමට නියමිතය.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඉන්දීය පදනම විසින් 7 වැනි ඉන්දීය සාගර සමුළුව සංවිධානය කර තිබෙන අතර සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසල, ඕස්ට්‍රේලියාවේ පර්ත් – ඇමරිකා ආසියානු මධ්‍යස්ථානය ද මීට දායකත්වය සපයයි.

2 වන ඉන්දීය සාගර සමුළුව 2017 වසරේ එවකට අග්‍රාමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT